නීති විරෝධි ලෙස චීනය බලා රැගෙන යාමට උත්සාහ කළ මුහුදු අශ්වයින් 260ක් අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගුව සමත් වුණා. ඊට සම්බන්ධ තුන්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් චීන ජාතිකයින් වන අතර ඔවුන් මෙරට සේවයේ නිරතව සිටි පිරිසක් බව හෙළිව තිබෙනවා. නිවාඩුවක් සදහා චීනය බලා යාමට පැමිණි මොවුන් ගමන් මලුවල බහායි මුහුදු අශ්වයින් තොගය රැගෙන යාමට උත්සාහ කර ඇත්තේ. මේ අතර ඔවුන් සතුව තිබු කොටලහිඹුටු තොගයක්ද කටුනායක රේගු නිළධාරින් අත්අඩංගුවට ගත්තා. මල්බදුන් සේ සකසා තිබු කොටලහිඹුටු තොගයේ වටිනාකම රුපියල් එක්ලක්ෂ හැට දහසක් පමණ වන බවයි වාර්තා වන්නේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේ දැඩි ලෙස අවවාද කිරීමෙන් පසු චීන ජාතිකයින් තිදෙනා මුදා හැරීමට කටයුතු කළ බවයි.