තැපැල්පති රෝහණ අබේරත්න මහතා කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා. සේවා ස්ථාන වෙත වාර්තා කරන ලෙස දැනුම් දෙමින්. තැපැල් සේවකයන්ට පවතින ගැටලුවලට ඉදිරි මාසයක කාලසීමාව තුළ විසදුම් ලබාදීමයි සැලැස්ම. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තැපැල්පතිවරයා සදහන් කළා.පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කර ඒ සදහා විසඳුම් ලබාදීමට සූදානම් බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.
බඳවාගැනීම් පටිපාටියේ පවතින ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය සංගම් කිහිපයක් එක්වයි පසුගියදා වැඩ වර්ජනය ආරම්භ කළේ. වෘත්තිය සමිති ඉදිරිපත් කරන ගැටළු සාධාරණ බව පිළිගන්නා අතර ඉදිරි මාසයක කාලසීමාව තුළ සෑම දෙනාටම පිළිගත හැකි සමස්ථ විසදුමකට යාමට කටයුතු කරන බවද අමාත්‍ය එම් එච් එම් හලීම් මහතා සහ තැපැල්පතිවරයා අවධාරණය කර තිබෙනවා. තැපැල් සේවකයින්ගේ ගැටළු කඩිනමින් විසදීමට හැකි බැවින් වෘත්තීය ක්‍රියාමාර්ග අතහැර සේවයට වාර්තා කරන ලෙස ද අමාත්‍යවරයා තැපැල් සේවකයින්ට පසුගියදා දැනුම් දුන්නා. එහෙත් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව මේ වන විට දුෂ්කරතාවට පත්ව සිටිනවා.
අවුරුදු 200කට වැඩි කාලයක සිට විශාල සේවාවක් ඉටුකරන තැපැල් දෙපාර්තමේන්තුවට මෙවැනි වර්ජන හේතුවෙන් සේවා සැපයීමට නොහැකි වුවහොත් එහි අහිතකර ප්‍රතිඵල කාර්ය මණ්ඩලයටද භුක්ති විදීමට සිදුවනවා. වර්තමානයේ තැපැල් සේවාවට සමාන සමාන්තර සේවා සපයන ආයතනවල තරගකාරී පසුබිම තුළ තැපැල් දෙපාර්තමේන්තුව ආරක්ෂා කර ගැනීමට නම් තම සේවා ප්‍රශස්ථ ලෙස සිදු කර ගෙන යාම ද අත්‍යවශ්‍ය කරුණක්.
මේ අතර තැපැල් වර්ජනය හේතුවෙන් තරග විභාග සදහා අදාළ ගාස්තු ගෙවීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අවශ්‍ය පහසුකම් සළසා ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ.