ලෝක කුසලාන පාපාන්දු තරගාවලියේ තරග තුනක් ඊයේ (15) ක්‍රියාත්මක වුණා. උරුගුවේ හා ඊජිප්තුව අතර තරගයෙන් උරුගුවේ කණ්ඩායම ජයගත්තේ ගෝල 1ට 0 ක් ලෙසයි. ඉරානය හා මොරොක්කෝව අතර තරගයෙන් ඉරානය ජය ගත්තේද ගෝල 1ට 0 ක් ලෙසයි. මෙහිදී මොරොක්කෝ ක්‍රීඩක අසීස් බොහෝඩෝස් විසින් එල්ල කළ පහරක් ඔවුන්ගේම දැල තුලට යෑමෙනුයි මොරොක්කෝවට පරාජය අත්විදීමට සිදු වුණේ.
ඊයේ (15) දිනයේදී වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් තරගය වූයේ ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර තරගයයි. තරගය නිමාවට පත් වූයේ ගෝල 03ට 03 ක් වශයෙන් සම තත්ත්වයෙනුයි. පළවෙනි අර්ධය නිමා වන විට ගෝල 02ට 1 ක් ලෙස පෙරමුණ ගත්තේ පෘතුගාලයයි. එහෙත් තරගයේ 55 වන හා 58 වන මිනිත්තු වලදී ස්පාඤ්ඤය ගෝල 02ක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය තමන් දෙස නැඹුරු කරගත්තා. එහෙත් තරගය නිමාවීමට මිනිත්තු කිහිපයක් තිබියදී එනම් තරගයේ 88 වන මිනිත්තුවේදී නිදහස් පහරක් සාර්ථක කර ගත් පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තරගය නිමා කළේ ගෝල 03ට 03 ලෙස සම තත්ත්වයෙනුයි. පෘතුගාලය වෙනුවෙන් වාර්තා වූ ගෝල තුනම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් වාර්තා කිරීම කැපී පෙනුණා. තරගාවලියේ තවත් තරග 04ක් අද (16) පැවැත්වෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/f08188a7-7730-49de-8cbf-4975265ce236.jpg”]