පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම අළෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ රුපියල් අනූපන් දහසක මාසික ඉන්ධන දීමනාව ලබාදුන් වවුචර් පත්‍රය ති‍්‍රපුද්ගල විශේෂ මහා අධිකරණයේදී හදුනාගෙන තිබෙනවා.
සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවධ්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුව විභාගයට ගත් අවස්ථාවේ වවුචර් පත්‍රය හදුනා ගැණුනා.
වවුචර් පත්‍රය පසුගිය ජූලි මාසයේ දඹර අමිල හිමියන්ට ගෙවන ලද රුපියල් අනූ පන්දහසක දීමනාව ඇතුලත් වවුචර් පත බවටයි හදුනාගෙන තිබෙන්නේ.
ලිට්රෝ ගෑස් සමාගමේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ සාක්ෂි විභාගය ලබන 7 වෙනිදා දක්වා කල්තබා තිබෙනවා.