වෙඩි වැදී සිටින දීගජන්තු දෙක හස්තියාට ප්‍රතිකාර ලබාදීම තවදුරටත් සිදු කෙරෙන බව වනජීවී නිලධාරීන් පවසනවා. කලා වැව රක්ෂිතයේ සිටින හාරසියයක් පමණ වන වන අලි අතර දීගජන්තු දෙක හස්තියා චන්ඩි ඇතා ලෙසයි බොහෝ දෙනා හදුන්වන්නේ. කිසියම් පිරිසක් විසින් මෙම ඇතාගේ පාදයකට වෙඩි තබා බරපතල තුවාල සිදුකර තිබෙනවා.
වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු පිරිසක් හස්තියාට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළා. අවස්ථා කිහිපයකදී ප්‍රතිකාර ලබා දුන් මෙම හස්තියාට ඊයේ (14) දිනයේද කලාවැව ආසන්නයේදී යළි ප්‍රතිකාර ලබාදීමටයි වනජීවී නිලධාරීන් කටයුතු කළේ.