පුරාවස්තු ලබා ගැනිමේ අරමුණින් අනවසර කැනීම් සිදුකළ 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෑගල්ල සහ රංගල ප්‍රදේශ වලදී. පින්දෙනිය අරන්දර ප්‍රදේශයේ අනවසර කැනීම් කළ හත් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත්වුණා. ඔවුන් පැමිණි ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වුනේ පන්නල පදිංචිකරුවන්. ඔවුන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. අනෙක් සැකකරුවන් හතර දෙනා අත්අඩංගුවට ගත්තේ රංගල ගල්කොටුව ප්‍රදේශයේ නීතිවිරෝධී කැනිම් සිදු කරමින් සිටියදීයි. ඔවුන් තෙල්දෙණිය කරලියද්ද සහ කෙන්ගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් අද ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.