කුරුණෑගල, මහනුවර ප්රධාන මාර්ගයේ නුගවෙල ඩිපෝව අසළ දී සිදුවූ රිය අනතුරකින් මව සහ දියණිය මියගොස් පියා බරපතල තුවාල ලැබුවා.
අනතුරින් මියගිය මව 24 හැවිරිදි වියේ පසු වූ අතර දියණියගේ වයස අවුරුදු 2යි මාස තුනක් වනවා. ඔවුන් ගමන් ගත් යතුරුපැදිය තවත් යතුරුපැදියක ගැටීමෙන් පසු පසුපසින් පැමිණි බස් රථයකට මෙම තිදෙනා යටවී ඇති බව පොලිසිය සඳහන් කළා. බරපතල තුවාල ලැබූ පියා නුගවෙල, තිත්තපලජ්ජල රෝහලේ ප්රතිකාර ලබනවා.