ස්විට්සර්ලන්ත පුරවැසි භාවය ඉවත්කර ගැනීමේ සහතිකය මැතිවරණ කොමිසමට ලබාදුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහ මහත්මිය ප්රකාශ කළා.
ශ්රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ද අහෝසිකර තිබෙනවා. එම සහතිකය ද අද මැතිවරණ කොමිසමට ලබාදුන් බවයි ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ. එමෙන්ම ගාල්ල දිස්ත්රික්කයෙන් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වන බව ඇය වැඩිදුරටත් ප්රකාශ කළා.