අඟහරු ග්‍රහයා මත නිරීක්ෂණ කටයුතු සඳහා නාසා ආයතනය යවා ඇති රෝවර් යානය බිඳ වැටීමේ අවදානමක් මතුව තිබෙනවා.
මෙම තත්ත්වය ඇති වීමට හේතුව අඟහරු ග්‍රහයා මත දූවිලි කුණාටු වර්ධනය වීමයි. රෝවර් යානය වසර 15 කට ආසන්න කාලයක් අඟහරු ග්‍රහයා මත රඳවා තිබෙනවා. දූවිලි කුණාටු සමග අඟහරු ග්‍රහයාට ලැබෙන සූර්ය කිරණ අඩු වීමෙන් අවශ්‍ය බලශක්තිය නිපදවා ගැනීමට නොහැකි තත්ත්වයක් ද ඉස්මතු වී ඇතැයි විද්‍යාඥයින් පවසනවා. පසුගිය සති අන්තයේදී රෝවර් යානය සමග පැවති සියලු සබඳතා ඇණහිටි බවයි නාසා ආයතනය සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=ce2tPsqFVN4″]