ඉන්දියාවේ අලින් සඳහා ඉදිකළ ප්රථම රෝහල අග්රා ප්රදේශයේ චූර්මුරා ගම්මානයේ විවෘත කර තිබෙනවා.
තුවාල ලබන සහ විවිධ රෝගාබාධවලට ලක්වන අලි ඇතුන්ට ප්රතිකාර කිරීම සදහායි මෙම රෝහල ඉදිකර තිබෙන්නේ. ඩිජිටල් එක්ස් කිරණ යන්ත්ර, ලේසර් කිරණ තාක්ෂණය, දන්ත එක්ස් කිරණ යන්ත්ර, අල්ට්රා සොනෝග්රැෆි ඇතුළු නවීණ උපකරණවලින් රෝහල සමන්විත වනවා.
තුවාල ලබා සිටින අලින්ට නේවාසික ප්රතිකාර ලබාදීමට ද මෙහිදී හැකියාව ලැබෙනවා. මේ වනවිටත් අලින් විසි දෙනෙකු පමණ රෝහලේ ප්රතිකාර ලබන බවයි රෝහල ඉදිකිරීමට දායක වූ සත්ත්ව සංවිධානය සදහන් කළේ.