වෙඩි ප්‍රහාරයකට ලක්වූ කිරිවෙහෙර රජමහා විහාරාධිපති ස්වාමීන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා අද (13) සවස ගුවනින් කොළඹට රැගෙන එනු ලැබුවා. අදාල සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේට හා විහාරවාසී තවත් ස්වාමීන්වහන්සේ නමකට වෙඩි ප්‍රහාර එල්ල වූයේ ඊයේ (12) රාත්‍රි කාලයේයි.
තුවාල ලැබූ භික්ෂූන්වහන්සේ දෙනම ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී කොබවක ධම්මින්ද ස්වාමීන්වහන්සේ ශල්‍යකර්මයකට ද යොමු කළ බව රෝහල් බලධාරීන් සඳහන් කළා. උන්වහන්සේගේ යටිබඩ ප්‍රදේශයට,දකුණු අතට හා දකුණු කකුලට වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා. උන්වහන්සේ ප්‍රදේශයේ සිදු කරන අනවසර ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රබල හඬක් නැගූ බවත්,විහාරස්ථානයේ සුබ සිද්ධිය සඳහා කරගෙන යන අනුපමේය සේවය නිසාත් විවිධ පුද්ගලයින්ගෙන් ගැටලු රාශියක් උද්ගතව තිබූ බවත්, පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළා.
කිරිවෙහෙර විහාරාධිකාරී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමීන්වහන්සේ,
[ot-video type=”youtube” url=”https://youtu.be/1YrTNzADL88″]