ඉන්දියාවේ බීමන්ඩෝ කුළුණේ හටගත් ගින්න මේ වන විට පාලනය කරමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ගිනි නිවන රථ පහක් එම ස්ථානයේ තිබෙන බවයි වාර්තා වන්නේ. කුළුණේ 33 වන මහලේ ගින්න හටගෙන ඇති බවයි විශ්වාසය. ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැහැ. ජනප්‍රිය බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්ගේ නිවස ද මෙම බීමන්ඩෝ කුළුණේ පිහිටා තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.