ගම්පොල උඩපළාත ප්රාදේශීය සභාවේ ඇතිවූ ගැටුමකින් එහි සභාපතිවරයා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. විපක්ෂ නායකවරයා ද හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
උඩපළාත ප්රාදේශීය සභාවේ මාසික රැස්වීම අතරතුර පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් උණුසුම් වචන හුවමාරුවක නිරත වුණා. පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වූ බවයි පැවසෙන්නේ. එහිදී එල්ල වූ බෝතල් ප්රහාරයකින් තුවාල ලැබූ සභාපතිවරයා රෝහල් ගත කෙරුණා. එම ස්ථානයට පැමිණි පොලිසිය තත්ත්වය පාලනයකර තුවාල ලැබූ ප්රාදේශීය සභා සභාපතිවරයා ආරක්ෂා සහිතව පිටතට රැගෙන ඒමට පියවර ගත්තා.
හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කෙරුණ එම ප්රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ද පරීක්ෂණ කිහිපයකට භාජනය කළ බව රෝහල් නිලධාරීන් ප්රකාශ කළා.