ශ්‍රී ලංකා පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාට ලබාදී තිබෙනවා. එංගලන්ත කණ්ඩායම සමග පන්දුවාර 20 යි 20 තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ලබන 27 වැනිදා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. ඊට නම්කළ කණ්ඩායමට ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ද ඇතුලත්.