එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටයා කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ආරම්භක පිතිකරු ඇලෙස්ටයා කුක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දුන් සාර්ථක ක්‍රීඩකයෙක් ලෙසයි සැලකෙන්නේ. ඔහු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයින් අතර ඔහුට හිමිවන්නේ හය වන ස්ථානයයි.
ටෙස්ට් ලකුණු 12254 ලබාගෙන ඇති කුක් එක්දින තරග 92 කදී ලකුණු 3204 ක් වාර්තාකර තිබෙනවා. සංචාරක ඉන්දියාව සමග ලබන 07 වනදා පැවැත්වීමට නියමිත පස්වන ටෙස්ට් තරගයෙන් පසු ඇලෙස්ටයා කුක් සිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සිදුවන බව නිවේදනය කර තිබෙනවා.