ජපානයේ බටහිර ප්‍රදේශයට ප්‍රබල සුළිකුණාටුවක බලපෑම් එල්ල වී තිබෙනවා. ජේබී යනුවෙන් හැදින්වෙන මෙම සුළිකුණාටුව පැයට කිලෝමීටර් 250 ඉක්මවූ වේගයකින් හමායන බවටයි එරට කාලගුණ අංශ අනතුරු අගවන්නේ.
වසර 25කට පසු ජපානයට බලපාන ප්රබලතම සුළිකුණාටුව මෙය බවයි එරට මාධ්‍ය වාර්තා කර්න්නේ. අද දිනයේදී මෙම සුළිකුණාටුව ජපානයේ ඔසාකා නුවරින් රටතුළට ඇතුළු වනු ඇති. මේ වන විට මිලිමීටර් 300 ක පමණ වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතිනවා. එරට සුළගේ වේගයද ඉහළගොස් තිබෙනවා. 27000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි ජපාන වාර්තා සදහන් කරන්නේ.