ඉන්දීය සිනමා පිටපත් රචකයකු වන මානම් භාලාගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වන්නේ LASHTAM-PASHTAM සිනමාපටය යි. දේශසීමා අරගලයක් හරහා මතුවන නොමියෙන මිතුදමක් මෙම සිනමාපටය හරහා විදහාපායි. ඉන්දියානු පාකිස්ථාන ගැටුමේ සත්‍ය කතාවක් පදනම් කරගෙනයි මෙම සිනමාපටය නිර්මාණය කර ඇත්තේ.
මෑතකදී වියෝවූ ඉන්දීය ප්‍රකට රංගන ශිල්පී ඕම් පූරි නම් විශිෂ්ට රංගන ශිල්පියාගේ අවසන් රංගනය ඇතුලත් මෙම සිනමාපටයට සම්මානලාභී ඩෝලි අලුවාලියා, ටිස්කා චොප්රා, ප්රයන්සු චැටර්ජි, ඉෂිතා දත්තා සහ ෆෙරිනා වශියර්... ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙම සිනමාපටය සඳහා රංගනයෙන් දායකත්වය සපයනවා.
LASHTAM-PASHTAM නුදුරේ දී ම ලොව පුරා ප්‍රදර්ශනය වන අතර, මෙම සිනමාපටය රසිකයන්ගේ නොමද රසාස්වාදයට ලක්වනු අැතැයි බොහෝ විචාරකයන් පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/A389Di_bH30?t=3″]