හම්බන්තොට දිස්ත්‍රික්කයේ යළ කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කෙරුණා. රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකයි.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සදහා ගබඩා සියල්ල විවෘතකර තිබෙනවා. නාඩු වී කිලෝවක් රුපියල් 38 කට මිලදී ගැනෙනවා. ගොවි ජනතාවගෙන් වී කිලෝ දෙදහසක් මිලදී ගැනීමට තීරණය කර තිබුණද අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත එය කිලෝ තුන්දහස දක්වා ඉහළ නංවා තිබෙනවා. ගොවි ජනතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙවැනි පියවර ගැනීම පිළිබද ඔවුන් රජයට ප්‍රසාදය පළකරනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=iEPvlUZ5428&feature=youtu.be”]