ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. ඒ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.
ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයා ද වන හේමසිරි ප්‍රනාන්දු මහතා පරිපාලන ක්ෂේත්රයේ ප්‍රවීනයක්.හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලේකම්වරයා හා තැපැල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබෙන හේමසිරි ප්‍රනාන්දු මහතා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සභාපතිවරයා වශයෙන් ද, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර තිබෙනවා. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙක්.