රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල්නෝට්ටු 13 ක් සමඟ සැකකරුවෙකු පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව බැස්ටියන් මාවත ප්‍රදේශයේදීයී. රුපියල් පන්දහසේ නෝට්ටුවක් මාරු කර දෙන ලෙස සැකකරු බස් කොන්දොස්තරවරයකුගෙන් ඉල්ලා තිබෙනවා. එම අවස්ථාවේදී කොන්දොස්තරවරයාට ඇති වූ සැකයක් මතයි පොලීසියට මේ පිලිබද දැනුම් දී ඇත්තේ. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත්තේ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 13ක්ද සමඟයි. 39 හැවිරිදි සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.