මැණික් කර්මාන්තය නගා සිටු වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල ජයරත්න මහතා පවසනවා. මැණික් පතල් සදහා බලපත්‍ර ලබාදීමේ විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
ගෘහාශ්‍රිත කර්මාන්තයක් සිදු කර ගෙන යාමට සහනදායී වැඩපිලිවෙළක් අනුගමනය කරමිනුයි මෙම බලපත්‍ර ලබාදීම සිදු වුණේ. ඊයේ දිනයේදී බලපත්‍ර 500 ක් පමණ නිකුත් කර තිබෙනවා. බකමූණ පොදු වෙළඳපල භූමියේදී මෙය සිදු කෙරුණේ. ඒ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. පතල් කර්මාන්කරුවන්ට නව හැදුන්ම්පතක් ලබාදීමටද ඉදිරියේදී කටයුතු කරන බව ඒ මහතා කියා සිටියා.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති පේෂල ජයරත්න,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=cOWxzKfj3do”]
සහනදායි මිලකට බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතාව ස්තුතිය පල කළේ මේ අයුරින්.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=lFugucMQPmY”]