ඉතා මිල අධික ඖෂධ වර්ග 10ක් ඇතුළු තවත් ඖෂධ කිහිපයක හා වෛද්‍ය උපකරණ කිහිපයක මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකර තිබෙනවා. පිළිකා ඖෂධ 10ක් මෙන්ම තවත් ඖෂධ නිශ්පාදන 13ක් මෙයට ඇතුළත්. වෛද්‍ය උපකරණ දෙකක් ද ඒ අතර පවතිනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තිස් නව වන ඔසු සල විවෘතකරමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියා.
ජීවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුළු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සදහා භාවිතකරන ඖෂධ, අපස්මාර මෙන්ම, කොලෙස්ටරෝල් සදහා ලබා දෙන ඖෂධවල මිල ගණන් මෙසේ පහත දමා තිබෙනවා. මීට අදාළ ගැසට් පත්‍රය ඊයේ (31) රාත්‍රියේ නිකුත් කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/481_Qjn8Ik8″]