ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි. අද දිනයේ ද ප්‍රදර්ශනය නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියා.
සංහිදියාව, ප්රජාතන්ත්රවාදය සහ සංවර්ධනය තේමා කරගනිමින් ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදියි මෙය සංවිධාන කර ඇත්තේ. පසුගිය 29 වනදා ආරම්භ කෙරුණු ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වුණා. ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත් කිරීමේ අරමුණෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. ඒ පිළිබද දැනුවත් කිරිමේ අරමුණින් සංවිධාන කෙරෙන ප්‍රදර්ශනය කලාප 12 කින් සහ ප්‍රදර්ශන කුටි 515 කින් සමන්විතයි. පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ප්‍රදර්ශකයන් 204 ක් සහිත දැවැන්ත අධ්‍යාපන කලාපයක් ද ඊට ඇතුළත්. නව ව්‍යවසායකයින්ට වෙළෙඳපල හා සම්බන්ධවීමට මෙම ප්‍රදර්ශනය තුළින් අවස්ථාව හිමිවනවා. සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවාවන් ලබාගැනීමට ද ප්‍රදර්ශන කලාපයක් වෙන්කර තිබෙනවා. ත්‍රිවිද හමුදාවේ විශේෂ ප්‍රදර්ශන කලාප ද ඊට ඇතුළත්.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ ITN මාධ්‍ය ජාලයේ කුටියක් ද පවතිනවා. රූපවාහිනී සහ ගුවන්විදුලි ප්රවෘත්ති මෙන්ම වැඩසටහන් නිෂ්පාදනය කෙරෙන ආකාරය මෙන්ම මාධ්‍ය ආයතනයක ක්‍රියාකාරීත්වය පිළිබද මෙහිදී අවබෝධය ලැබිය හැකියි. අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ප්‍රදර්ශනය විවෘත කෙරුණා. ප්‍රදර්ශනයට සමගාමීව පැවති සංහිදියා වොලිබෝල් තරගාවලියේ ජයග්රාහකයින්ට ත්‍යාග ප්රදානය කෙරුණේ ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද ප්‍රදර්ශනය නැරඹීමට සහභාගි වුණා. විශාල පිරිසක් මේ වනවිටත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ දී ආයෝජන සදහා ණය ලබාගැනීමට අයැදුම්කර තිබෙනවා. ඒ අනුව ව්‍යවසායක කලාපයේ ණය ප්රදානය ද සිදුකෙරුණේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් තවත් වැඩසටහන් කිහිපයක් අද දිනයේ ද පැවැත්වුණා. ප්‍රදර්ශන භූමියේ දී අද රාත්‍රියේ ද දැවැන්ත සංගීත සන්දර්ශනයක් පැවැත්වෙනවා.