ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 05 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගාල්ල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 196 ක් ලබා ගත්තා. චරිත් අසලංක කඩුලු 04 ක් දවා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායම කඩුලු 05 ක් දැවී ලකුණු 199 ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා. අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් දසුන් ශානක නොදැවී ලකුණු 105 ක් ඉනිමට එක්කළා.