ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සමග පැවති තරගයෙන් ජය ගැනීමට ගාල්ල කණ්ඩායම සමත්වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගාල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
මේ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 දැවී ලකුණු 163 ක් ලබා ගැනීමට සමත්වුණා. කුසල් මෙන්ඩිස් ලකුණු 58 ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 125 ක් පමණයි. ධනුෂ්ක ගුණතිලක හුදකළා සටනක නිරත වෙමින් ලකුණු 73 ක් රැස් කළා. කසුන් රජිත කඩුලු 04 ක් දවා ගත්තා.