ජර්මනියේ චෙමිනිට්ස් නගරයේ දැවැන්ත විරෝධතාවයක් හේතුවෙන් ගැටුමක් ඇතිව තිබෙනවා.
අන්ත දක්ෂිණාංශක ක්රියාකාරීන් සහ නාසි විරෝධී ක්රියාකාරීන් අතරයි ගැටුම හටගෙන ඇත්තේ. පෙරේදා සිදු වූ පිහි ඇනුමකට සම්බන්ධ සිරියා ජාතිකයෙකු සහ ඉරාක ජාතිකයෙකු පොලීසියි මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අන්ත දක්ෂිණාංශක ක්රියාකාරීන් සහ නාසි විරෝධී ක්රියාකාරීන් විරෝධතාවක නිරත වුණා. ඒ අතරතුරයි දෙපිරිස අතර ගැටුම හට ගෙන තිබෙන්නේ. ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කිරීමටද කටයුතු කෙරුණා.