බදුල්ල ප්රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් 12 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ 34 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
බදුල්ල , කන්දේගෙදර අලුගොල්ල ප්රදේශයේදී බස්රථය අඩි 150 ක පමණ ප්රපාතයකට පෙරලීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. මෙසේ අනතුරට ලක්වූයේ කන්දේගෙදර සිට බදුල්ල බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක්. එහි 35 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් සියලු දෙනා අනතුරෙන් තුවාල ලැබුවා. ඒ අතරින් ජීවිතක්ෂයට පත්වූ දරුවාගේ වයස අවුරුදු 12 ක්. ඔහු කන්දේගෙදර ප්රදේශයේම පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූවන් අතරින් 17 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සදහන්.