පුත්තලම දිස්ත්‍රික් ලේකම් අභියෝග ශූරතා ක්‍රීඩා උළලේ සමස්ථ ශූරතාව දිනා ගැනීමට පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය දිනා ගත්තා. වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යයාල 16 ක සේවක සේවිකාවන් තරග වැදුනා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යයාල සේවක සේවිකාවන්ගේ සුහදතාව වර්ධනය කිරීම අරමුණ කරගනිමින් පැවැත්වෙන තරගාවලියේ සමස්ථ ශූරතාව පුත්තලම දිස්ත්‍රික් කාර්යයාලය දිනා ගනිද්දී අනුශූරතාව හිමිවූයේ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යයාලය හිමිකර ගත්තා. රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති තරගාවලියට පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.