ඌව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වල සවස 02.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතරදිස්ත්රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇති විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
කොළඹ සිටගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමයි. සුළගේ වේගය පැ.කී.මී.30-40 පමණ වේ.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එවිට, එම මුහුදු ප්‍රදේශ රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2018-08-26 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 34 | 23 | 95 | 60 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මඩකලපුව | 32 | 23 | 95 | 70 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
කොළඹ | 29 | 26 | 80 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
ගාල්ල | 28 | 24 | 90 | 80 | වැසි ස්වල්පයක් |
යාපනය | 33 | 25 | 85 | 60 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 30 | 21 | 95 | 60 | සිහින් වැසි වාර කිහිපයක් |
නුවරඑළිය | 20 | 12 | 95 | 75 | වැසි ස්වල්පයක් |
රත්නපුරය | 30 | 23 | 95 | 70 | සිහින් වැසි වාර කිහිපයක් |
ත්‍රිකුණාමලය | 34 | 23 | 90 | 55 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මන්නාරම | 31 | 25 | 90 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |