පටු දේශපාලන අවශ්‍යතා මත ක්‍රියා කරන වෘත්තීය සමිතිවලට දුම්රිය සේවාව විනාශ කිරීමට ඉඩ දිය යුතු නැති බව ජනතාව පෙන්වා දෙනවා. දුම්රිය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා අනතුරු ඇඟවීමක් සිදු කළා. ඒ ඉදිරියේදී කළින් දැනුම් දීමකින් තොරව දුම්රිය වර්ජනයක් සිදු කරන බවටයි. ඔවුන් ඉල්ලා සිටින්නේ තම වැටුප් වැඩි කරන ලෙසයි. එහෙත් රාජ්‍ය සේවයේ එක් ශ්‍රේණියක දෙකක වැටුප් වැඩි කළහොත් අනෙක් ශ්‍රේණිවල විෂමතාවක් ඇති වීම වැළැක්විය නොහැකියි. එවිට සමස්ත රාජ්‍ය සේවයටම ප්‍රබල ගැටලුවක් මතුවනවා.
හසන් අලි-ප්රවෘත්ති අධ්යක්ෂ-මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,
[ot-video type=”youtube” url=”https://youtu.be/W3kk-VYlpRg”]
සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා රජය මේ වන විටත් පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා 15 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත් කෙරුණා. එක් කොටසකගේ වැටුප් වැඩි කිරීමෙන් තවත් විශාල පිරිසකට ගැටලු ඇති වීම වැළැක්වීම සඳහායි වගකිව යුතු රජයක් ලෙස මෙම පියවර ගෙන ඇත්තේ. මාස 2 ක් වැනි කාලයක් තුළ මෙහි නිර්දේශ ලබා ගැනීමට ද අපේක්ෂා කෙරෙනවා. අයවැයට පෙර එම කටයුතු සිදු කිරීමටයි රජය උත්සාහ දරන්නේ. වසර ගණනාවක් පැවති තම වැටුප් පිළිබඳ ගැටලුව විසඳන තෙක් මාස 2 ක කාලයක් බලා සිටීමට මෙම වෘත්තීය සමිතිවලට තිබෙන අපහසුතාව කුමක් දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. මෙම තත්ත්වය තේරුම් ගත් බැවින් පසුගියදා පැවති දුම්රිය වර්ජනයට එක් වූ ඇතැම් වෘත්තීය සමිති ඉදිරියේදී පැවැත්වෙන වර්ජනය ප්‍රතික්ෂේප කර ඇති බව ද මාධ්‍ය වාර්තා පළ වනවා. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් වර්ජනයකට සැරසෙන වෘත්තීය සමිති ක්‍රියා කිරීම, රාජ්‍ය සේවයේ අර්බුද නිර්මාණය කිරීමට දරන උත්සාහයක්. දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සමග සමීප සබඳතා පවත්වන බවට දැන් හෙළි වී තිබෙනවා. එසේ නම් වර්ජනයේ අරමුණ කුමක් ද යන්න ජනතාවට වඩා හොඳින් පැහැදිලියි.