රුපියල් ලක්ෂ 39 ක මුදලක් අයථා ලෙස භාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝම්බර් මස 31 වනදාට කල් තැබුණා.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්රස් වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. මෙම නඩුවට අදාළව චෝදනා තුනක් යටතේ අධි චෝදනා ගොනු කර තිබෙනවා. මෙම නඩුව කොළඹ මහාධීකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඉදිරියේ අද යළි කැදවූවා. පෙර නඩු දිනයේ සාක්ෂි විභාගයට අදාළ වාර්තා මෙතෙක් විත්ති පාර්ශ්වයට ලැබී නොමැති බැවින් නඩු විභාගය කල් තැබුණා. මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සැප්තැම්බර් මස 09 සිට 17 දක්වා කාලය තුළ චීනයේ සංචාරය කිරීමට ද අධිකරය අද අවසර ලබා දුන්නා.