කේරළ ප්‍රාන්තය පුරා බෝවන රෝග ව්‍යාප්තවීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බවට ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. දකුණු ඉන්දියාවේ කේරළ ප්රාන්තයටබලපා ඇති ගංවතුර තත්ත්වය මේ වන විට බැස යමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. කේරළ ප්‍රාන්තයට වසර සියයකට පසු බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙයයි.
ගංවතුර හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව හාරසියය ඉක්මවනවා. ගංවතුර බැස යාමත් සමග තවත් මළසිරුරු මතුවෙමින් පවතින බවද ඉන්දීය වාර්තා සදහන් කරනවා. කේරළයේ ගංවතුරෙන් අවතැන් සංඛ්‍යාව හත් ලක්ෂයකට අධිකයි.