ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් ඔහුට එරෙහිව එල්ල වූ නායකත්ව අභියෝගය ජය ගැනීමට අද සමත් වුණා. රජයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඔහුගේ නායකත්වයට සිදුකළ අභියෝගයකින් පසුවයි ඔහු මෙලෙස එය ජය ගැනීමට සමත් වුණේ. ඔහුට එරෙහිව පක්ෂ නායකත්වය සදහා ඕස්ට්‍රේලියා ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් ඉදිරිපත් වුණා.
අගමැතිවරයාගේ නායකත්වයට එල්ල වී ඇති තර්ජනය සමථයකට පත් කිරීමට අද කැම්බරා හි පැවති පක්ෂ රැස්වීමේදී ඒ වෙනුවෙන් අනපේක්ෂිත ඡන්ද විමසීමක් පැවැත්වුණා. ඡන්ද විමසීමේදී හතළිස් අටට තිස්පහක් ලෙස ජයග්‍රහණය කිරීමට අගමැති මැල්කම් ටර්න්බුල් සමත් වුණා. කම්කරු පක්ෂයේ නායකත්වය අහිමි වුවහොත් ඔහුගේ අග්‍රාමාත්‍ය ධූරයද අහිමිවීමේ අවදානමක් පැවති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.