පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසළ මාර්ගයේ ඇති අල්විස් පොකුණෙහි යතුරුපැදියක් ගැටීමෙන් එහි සිටි තරුණයින් දෙදෙනෙකු පොකුණට වැටී මියගොස් තිබෙනවා. අද අලුයම එකට පමණ මෙම අනතුර සිදුවූ බවයි වාර්තා වන්නේ. අනතුරින් මිය ගොස් ඇත්තේ පිළිමතලාව කිරිවවුල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනක්.
මේ අතර
හැටන් සදර්න් වතු යායේ නාය යාමේ අවධානමක් හේතුවෙන් පවුල් 23කට අයත් 61 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.මෙම පිරිස හැටන් පෘට් හිල් දෙමළ මහා විද්‍යාලයේ තාවකාලිකව රැදවීමටයි කටයුතු කර ඇත්තේ. මධ්‍යම කදුකරයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකින්ම පස් කදු කඩා වැටීම් වාර්තා වුණා.