මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් තිදෙනා හදුනාගැනීමේ පෙරට්ටුවේදි හදුනා ගැනුණා.අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට දැඩි ආරක්ෂාව යටතේයි සැකකරුවන් මාතර මහෙස්ත්රාත් අධිකරණයට රැගෙන ආවේ. ඔවුන් මාතර අතිරේක මහෙස්ත්රාත් කුසුම් විතාරණ මහත්මිය ඉදිරියේදීයී හදුනාගැනීමේ පෙරටුට්වට ඉදිරිපත් කෙරුණේ.
එහිදී සාක්ෂිකරුවන් දෙදෙනෙකු සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනාම හදුනාගෙන තිබෙනවා. ප්රධාන සැකකරුවන කොස්ගොඩ තාරක හෙවත් ධර්ම කිර්ති තාරක පෙරේරා විජේසේකර සහ ඔහුගේ සොහොයුරා වන ධර්මකීර්ති මධුක නිර්මාල් සහ අතුල කිත්සිරි කුමාර හෙවත් නාරම්මල මලා යන අයයි මෙසේ හදුනාගනු ලැබුවේ. නඩුව ලබන 24 වනදා දක්වා කල් තැබුණා.