පසුගිය පාලන සමයේදී සංවර්ධන කටයුතු සිදුකෙරුණේ රටේ අවශ්‍යතාවට නොව කොමිස් මුදලට බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ජනතා අවශ්‍යතා හඳුනාගත් යහපාලන රජය රට තුළ මේ වනවිට සංවර්ධන සංග්‍රාමයක් ක්‍රියාත්මක කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/TflY0EFQESA”]
ගම්පෙරළිය සංවර්ධන වැඩසටහනේ මාතර දිස්ත්‍රික්කයේ පළමු වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. මේ යටතේ මඩිහමුදුන් ඇල සංවර්ධනය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 3 යි දශම 5 ක්. ඉදිරි මාස හතර තුළ එහි වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතයි. ගම්පෙරළිය ජාතික වැඩසටහන මේ වන විට දැවැන්ත සංවර්ධන පෙරළියකට අවතීර්ණ වී තිබෙනවා. ඒ යටතේ ග්‍රාමීය සංවර්ධනයට මුල්තැන දෙමින් ජනතාවට ප්රතිලාභ හිමිකර දීම අපෙක්ෂාවක්.
අමාත්‍ය මංගල සමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/8vcGenSmvCY”]
මේ අතර ගම්පෙරළිය වැඩසටහන යටතේ තල්පාවිල කුඹල්ගම වැවේ පිටවාන ඇළ සංවර්ධන කටයුතු ද අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. 1976 වසරේ ඉදිකෙරුණු වැව මෙතෙක් කිසිදු ප්රතිසංස්කරණයකට ලක් නොවීමෙන් ගොවි ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/PHdwZa-lXqQ”]