බස්නාහිර පළාත් ක්‍රීඩා විද්‍යායතනය සඳහා බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා මුල්ගල තැබීම බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටියේදී සිදුකෙරුණා.
පළාත් සභාවක් , ක්‍රීඩා විද්‍යායතනයක් ආරම්භ කරන්නේ පළමු වරටයි. බස්නාහිර පළාත් සභාව මෙම ක්‍රීඩා විද්‍යායතන ගොඩනැගිල්ල බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස ඉදිකිරීමට නියමිතයි. එහි නවීන පහසුකම් සහිත කායවර්ධන මධ්‍යස්ථානයක් ද ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 75 ක් වෙන්කර තිබෙනවා.