උතුරු මැද පළාත් බැඩ්මින්ටන් තරගාවලිය ලබන 28 වැනිදා සිට අනුරාධපුරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට අධික පිරිසක් එක්වනු ඇතැයි බලාපොරොත්තු වනවා. ඒ ඉසව් දහයක් යටතේයි. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලබන 17 වැනිදා බව උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය පවසනවා. තරගාවලිය පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අනුරාධපුරයේදී පැවැත්වුණා.