ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියා ක්‍රීඩා උළෙල සදහා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම තෝරාගෙන තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවති කාන්තා වෙරළ වොලිබෝල් තේරීම් තරගාවලියට ක්‍රීඩිකාවන් පනස් දෙදෙනෙකු එක්ව සිටියා.
ඉන් ක්‍රීඩිකාවන් විසිහය දෙනෙකු මුලික සංචිතයට තෝරා ගැනීමටයි කටයුතු කර ඇත්තේ. ජාතික වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේයි තරගාවලිය පැවැත්වුණේ. මෙම මූලික සංචිතය පුහුණු සැසි කිහිපයකින් අනතුරුව තවදුරටත් සීමා කිරීමට ද සැලසුම් කර තිබෙනවා.