ඉන්දීය ලෝක් සභාවේ හිටපු කතානායක සෝම්නාත් චැටර්ජි අභාවප්රාප්ත වුණා. ඔහු මිය යන විට අසූ නව වන වියෙහි පසු වුණා. අද උදෑසන අටට පමණ කල්කටාවේ රෝහලකදීයි ඔහු මියගොස් තිබුණේ. හදිසි ආබාධයක් හේතුවෙන් මීට මාස දෙකකට පෙර ඔහු රෝහල්ගත කෙරුණා.
මොහු 2004 වසරේ සිට 2009 වසර දක්වා ඉන්දීය ලෝක් සභාවේ කතානායකයා ලෙසද 1968 වසරේ සිට වසර 40 ක් ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. චැටර්ජි මහතා තම පක්ෂය දස වතාවක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කර තිබෙනවා. මොහු වෘත්තියෙන් නීතිඥවරයෙකු වන අතර ඉන්දීය ලෝක් සභාවේ දහතුන් වන කතානායක වරයායි.