වතුකරයට නව ගම්මාන ඉදිකිරීමට දුන් පොරොන්දුව අනුව ආණ්ඩුවේ තුන්වෙනි වසර අවසන්වන විට මහත්මා ගාන්ධිපුරම් ගම්මානය විවෘත කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මහත්මා ගාන්ධිපුරම් ගම්මානය විවෘත කිරීමට එම ගම්මානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශවාසීන් උණුසුම් අයුරින් පිළිගත්තා. ගම්මානයේ ජල යෝජනා ක්‍රමය ද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතින්. ගම්මානය නිවාස හාරසීයකින් සමන්විතයි. වතුකම්කරු ජනතාව සදහා තවත් නිවාස දස දහසක් ඉදිකිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු සහ අමාත්‍ය පලනි දිගම්බරන් යන මහත්වරුන් අත්සන් තැබුවා. නිවාස ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් බිලියන දොළහක්. ඒ ඉන්දීය රජයේ ආධාර මතයි. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙහිදී පැවති උත්සව සභාව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කළේ ශ්‍රී ලංකාව සංවර්ධනය සදහා ගෙන යාමට අවශ්‍ය සෑම සහායක්ම ලබා දෙන බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=jM2iz2yyXlo&feature=youtu.be”]
උත්සවසභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ වත්මන් ආණ්ඩුවට බලය ලබා දුන්නේ යහපත් රටක් බිහිකිරීමට බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=LrAxG_-wHpo&feature=youtu.be”]
මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=DKYorp35EJk&feature=youtu.be”]