කැරලි කණ්ඩායම් හා ත්රස්ත සංවිධාන සමග සබදතා පවත්වන බවට චෝදනා කරමින් ඇෆ්ගනිස්ථානයේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි තිස් පස් දෙනෙකුගේ අපේක්ෂකත්වය අවලංගු කර තිබෙනවා. එළඹෙන ඔක්තෝබරයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සටි අයගේ අපේක්ෂකත්වය මෙසේ අහෝසි කිරීමටයි එරට මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ.
ඔවුන්ගෙන් සමහරක් දැනටමත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ලෙස කටයුතු කරන අයයි.සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමට මෙම පියවර ගත් බවයි ඇෆ්ගනිස්ථාන මැතිවරණ කොමිසම පැවසුවේ. තලෙයිබාන් හා අයි එස් ත්රස්ත සංවිධාන එල්ල කළ ප්රහාර හේතුවෙන් වාර කිහිපයකදීම ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය ප්රමාද කිරීමට සිදු වූණා.