කවර බාධක මධ්‍යයේ වුවද රට සංවර්ධනය කිරීම වෙනුවෙන් රජය අඛන්ඩව ක්‍රියා කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
එක්සත් ජාතික පාක්ෂිකයින් මුහුණ දෙන ගැටලු හදුනා ගනිමින් ඒවාට කඩිනම් විසදුම් ලබාදීම සදහා ක්‍රියාත්මක සිරිකොත ගමට ගෙන යන වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මෙම හමුවට දකුණු පළාතේ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වුණා. අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ රට තුළ යහපාලනය ස්ථාපිත කර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සදහා වත්මන් රජය නොබියව ක්‍රියා කරන බවයි. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක ගම්පෙරළිය සහ එන්ටප්‍රයිස් ශ්‍රීලංකා වැඩසටහන් පිළිබදව ග්‍රාමීය ජනතාව දැනුවත් කරන ලෙසයි අමාත්‍යවරයා මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේ.