දුම්රිය වර්ජනයත් සමග ජනතාවට සිදුවන අපහසුතා මගහැරවිමට රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙනවා.
අවශ්‍ය තරම් ලංගම බස් රථ යෙදවීම සහ පෞද්ගලික බස් රථවලට ඕනෑම මාර්ගයක මගී ප්‍රවාහන සේවා වල නිරතවීමට අවස්ථාව සලසා දීම ඉන් ප්‍රධානයි. දුම්රිය ප්‍රවේශ පත්‍රයෙන් බස් රථ වල ගමන් කිරීමේ අවස්ථාව ද ලබා දී තිබෙනවා. යුද හමුදාව යොදවා බස්රථ ධාවනය කිරීමට ද කටයුතු කෙරෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ විශේෂයෙන් උසස් පෙළ සිසුන් තම පෞද්ගලික වාහනවල හෝ ප්‍රවාහනය කරන ලෙසයි. සුවසැරිය බස් රථ සේවාද අද උදෑසන සිටම ක්‍රියාත්මකව පවතිනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=TdSdIiKhBkY&feature=youtu.be”]
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා ද මෙම කටයුතු නිරීක්ෂණය කිරීමට අද උදෑසනම කොටුව දුම්රිය ස්ථානය අවට ප්‍රදේශයට පැමිණ සිටියා.
රමාල් සිරිවර්ධන – සභාපති – ශ්‍රීලංගම,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=xo5yh_3XgTY&feature=youtu.be”]
හිටිහැටියේ නොදන්වා සිදුකළ දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත් දුම්රිය මගීන් අතර විදේශ සංචාරකයන් ද වනවා. කොටුව දුම්රිය ස්ථානයේ සිටි විදේශ සංචාරකයෙකු අප සමග කියා සිටියේ දුම්රිය වර්ජනය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.
විදේශ සංචාරකයෙක්,
” දුම්රිය වර්ජනය නිසා අපිවගේ සංචාරකයින් දැඩි අපහසුතාවට පත්වනවා. අපේ මුළු පවුලම ශ්‍රී ලංකාවේ සංචාරයට අවා. මේ නිසා අපි සියලුදෙනාම අපහසුතාවට පත්වනවා. මෙවැනි වර්ජන සංචාරක ව්‍යාපාරයටත් බලපානවා. මම හිතනවා වර්ජනය ඉක්මනින් අවසන් වෙයි කියා”
වර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථාන පාලුවට ගොස් තිබුණා. දුම්රිය ස්ථානවල දුම්රිය බලවේග කට්ටල සහ දුම්රිය මැදිරි ගාල්කර තිබෙනවා. එහි ආරක්ෂාවට පොලිසිය යොදවා ඇති ආකාරය ද දැක ගත හැකිවුණා.
ඉල්ලීම් ලබා දී තිබියදී සිදු කරන වර්ජනය කඩාකප්පල්කාරී ක්‍රියාවක් පමණක්ම බව අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරනවා. ඊයේ රාත්‍රියේ කොටුව දුම්රිය ස්ථානයේදී සේවකයන් පිරිසක් දුම්රිය ධාවනයට උත්සාහ කළ අවස්ථාවේ කඩාකප්පල්කාරීන් ඊට ඉඩ දුන්නේ නැහැ.
අමාත්‍ය මංගල සමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/GulKYRsvuZY”]