ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහල ක්රිකට් කණ්ඩායම සමග පැවති 4 වන එක්දින තරගය ලකුණු 135 කින් ජය ගැනීමට ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමත්වුණා. මොරටුව ක්රිකට් ක්රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු හයක් දැවී ලකුණු 278 ක් ලබාගත්තා. පිළිතුරු ඉණිම ක්රීඩා කළ ශ්රී ලංකාවට සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 143 ක් පමණයි. හුදෙකලා ඉණිමක් ක්රීඩා කරමින් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 45 ක් රැස්කළා. තරගාවලියේ තරග දෙක බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන සිටිනවා. මේ අනුව දෙරට අතර අනිද්දා (10) පැවැත්වීමට නියමිත අවසන් එක්දින තරගය වඩාත් තීරණාත්මක වී තිබෙනවා.