හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජීන් හෙන්රි සියෙන්ට් නම් කර තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය ජැක් ගයි ලැෆොන්ටන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහායි හෙන්රි සියෙන්ට් එම ධූරය සදහා නම් කිරීමට පියවර ගෙන ඇත්තේ. ඔහු හයිටි රාජ්‍යයේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයක් ලෙස සැළකෙනවා. හෙන්රි සියෙන්ට් 2016 වසරේදී රේමන් අයිටි දේශපාලන සංවිධානය නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයකු ලෙසද ඉදිරිපත් වුණා.