ශ්‍රී ලංකාව සමග මේ වන විට පැවත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙක සංචාරක දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසීට අහිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වන එක්දින තරගයේ උඩ පන්දුවක් රැකගැනීමට යාමේදී දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසී ආබාධයකට ලක් වුණා.
දකුණු උරහිසේ අති වූ ආබාධය පරීක්ෂා කළ වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇත්තේ සති 06ක කාලයක් ඔහු විවේක ගත යුතු බවටයි. මේ හේතුවෙන් ඔහු ඉදිරි එක්දින තරග දෙක සදහා ක්‍රීඩා නොකරන බව දකුණු අප්‍රිකා කණ්ඩායම් කළමණාකරු පවසනවා. මේ හේතුවෙන් දෙරට අතර හෙට පැවැත්වීමට නියමිත හතරවන එක්දින තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකත්වය කුවින්ටන් ඩි කොක්ට හිමිවනු ඇති. කෙසේ වෙතත් තවමත් දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ සිදුකරන වෙනස්කම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ.