තිරසර ජාතික කථිකාව එළිදැක්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹදී සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙය ඉන් අනතුරුව විවිධ විද්වත් පාර්ශ්වවල සාකච්ඡාවට ලක්කර යෝජනා ලබා ගැනීමට නියමිතයි.
2015 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ ප්‍රකාශයකට අනුව හා 2017 වසරේදී එම සංවිධානය සමග ඇති කරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක තිරසර ජාතික කථිකාව අද ආරම්භ වනවා. ජනාධිපතිතුමා තිරසර සංවර්ධන පනත ඉදිරිපත් කරමින් තිරසර සංවර්ධන සභාව ස්ථාපිත කළේ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහායි. මෙම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමේ රාමුවක් සකස් කර ගැනීම සදහා නොබෙල් ත්‍යාග ලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් කමිටුවක් මීට පෙර පිහිටුවනු ලැබුවා. අද එළිදැක්වෙන්නේ එම තිරසාර සංවර්ධන දැක්ම සහ උපාය මාර්ගික වැඩපිළිවෙලයි.