සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්රිකට් කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 07 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්රිකට් කණ්ඩායම සමත් වුණා. කොළඹ එස්.එස්.ඊ ක්රිකට් ක්රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ කාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ශ්රී ලංකාව තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 220 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 213 ක් පමණයි. ශෂික දුල්ෂාන් කඩුළු 03 ක් දවාගත්තා . මේ අනුව තරගාවලියේ තරග 02 ක් මේ වන විට ශ්රී ලංකාව ජයගෙන අවසන්. දෙරට අතර 04 වන එක්දින තරගය හෙට පැවැත්වීමට නියමිතයි.