පෘතුගාලයේ ලැව් ගිනි පාලනය කිරිම සඳහා අතිරේක භට කණ්ඩායම් යෙදවිමට පියවර ගෙන තිබෙනවා. මේ වනවිට ලැව් ගිනි හේතුවෙන් හෙක්ටාර දහසක් පමණ විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගිනි නිවීම දුෂ්කර වී ඇති බව ආපදා කණ්ඩායම් ප්රකාශ කළා. එම ප්රදේශවල පදිංචි පුද්ගලයින්ද ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර තිබෙනවා.